රුපියල් මිලියන 50 කට අධික වටිනාකමක් ඇති පර්චස් 31.5ක වපසරියක් සහිත බලපිටිය කන්දෙගොඩ පිහිටි සිය තෙමහල් නිවස බලපිටිය මුහන්දිරම් ඩී.එෆ්.පෙරේරා අභයසිරිවර්ධන වැඩිහිටි නිවාසයට පරිතයාග කිරීමට බලපිටිය සරත්චන්ද්‍ර ද සිල්වා මහතා පියවර ගත්තේය.
වැඩිහිටි නිවාසයේ පවතින නේවාසිකයින්ගේ තදබදය මෙම පරිතයාග කිරීමෙන් පසු විසදෙනු ඇතැයි වැඩිහිටි නිවාස සමිතියේ සභාපති එන්.අනුර ද සිල්වා මහතා කීය.
සරත්චන්ද්‍ර මහතා සිය තෙමහල් නිවස සහ ඉඩමට අදාල ඔප්පුව එම වැඩිහිටි නිවාස සමිතිය සභාපතිවරයා වෙත ඊයේ (18) බලපිටිය වැඩිහිටි නිවාසයේදී සිදු කෙරුණි.
